රජයට රු.බිලියන 27 ක සුරාබදු ආදායම COVID හේතුවෙන් අහිමි වේ

පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් රජයට මේ වසරේ රුපියල් බිලියන 27ක සුරාබදු ආදායමක් අහිමි වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පසුගියදා පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවට (COPA) පැවසීය.

මේ වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අපේක්‍ෂිත ආදායම රුපියල් බිලියන 160ක් වුවද පවතින තත්ත්වය තුළ එය සාක්ෂාත් කර ගැනීම දුෂ්කර බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කමිටුවට පෙන්වා දුන්නේය.

2019 වසර සඳහා වන විගණකාධිපති වාර්තාව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව විමසීම සඳහා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 22 වැනි දින පැවැති කෝපා රැස්වීමේදී ඔහු ඉහත ප්‍රකාශය කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අන්තර් සම්බන්ධිත පරිගණක පද්ධතියක් පිහිටුවීම සඳහා 2019 වසරේ පැවති කෝපා රැස්වීමේදී නිර්දේශ ඉදිරිපත් කර තිබුණද එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව කමිටුව දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *