රජයට අයිති දේ විකුණන්න එපා කීම වැරදි කතාවක් – එරාන්

රජයට  අයිති දේ විකිණිය යුතු නැතැයි කීම වැරදි මතයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සලකා බැලිය යුත්තේ අයිතිය ගැන නොව එයින් ලැබෙන ප්‍රතිලාභ ගැන බව කී මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ ජනතාව සතුව බොහෝ වත්කම් තිබෙන නමුත් ඒවායින් ප්‍රතිලාභ ලැබෙන්නේ නැතැයි ද එහි වගකීම රජයත් බාරගත යුතුව ඇතැයි ද කීය.

මැද පෙරදිග රටවල් තමන්ගේ තෙල් සම්පත විකුණුවේ නැතිනම් ඒ අයට කිසිම වත්කමක් නොමැති වන බව කී මන්ත්‍රීවරයා ලංකාවේ පොස්පේට් නිධියක් තිබුනත් එයින් කිසිම ප්‍රයෝජනයක් නැතැයි කීය.

රටක වවන්නට පුළුවන් ආහාර වවන්නත් බැරි දේවල් රටින් ගෙන්වන්නත් සිදුවන බව කී එරාන් වික්‍රමරත්න මහතා රටක ආරක්ෂාව රඳා පවතින්නේ විදේශ ප්‍රතිපත්තිය මත බව සඳහන් කළේය.

බැංකු සංශෝධන පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *