කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ අවධානය යොමු වී තිබේ.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මේ අතර, ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ආසියානු ක්‍රිකට් කවුන්සිලය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටවල් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ.ෂා මහතා සමඟ හුවමාරු කරගත් ලිපි 13ක තොරතුරු ක්‍රිකට් සඳහා පත්කළ අමාත්‍ය අනුකමිටුව වෙත ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර තිබේ.
ඊට 2022 වසරේ ජූලි මස 22 වැනිදා සිට පසුගිය 05 වැනිදා දක්වා නිකුත් කළ ලිපි ඇතුළත්ය.