යෝෂිතට ආයෙත් පරණ තැනටම යාමේ අවස්ථාව

හිටපු ජනපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා යලි නාවික හමුදා සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් වන නියෝගයට නාවික හමුදාපතිවරයා විසින් අත්සන් තබා තිබේ.

සේනාධිනායක ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා අදාල නියෝගයට අත්සන් තබා ඇත.

ඒ අනුව 2016 වසරේ පෙබරවාරි මස 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා ලුතිනන් තනතුර සඳහා යලි පත් කරනු ලැබ සිටී.

2006 වසරේ නාවික හමුදාවේ සේවයට එක් වු යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා ලුතිනන්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතරතුර 2016 වසරේදී සිදුකෙරුණු විමර්ශනයක් හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.

ඒ අනුව 2016 පෙබරවාරි මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආරක්ෂක අමාත්‍යංශය විසින් යෝෂිත රාජපක්ෂ මහතාගේ සේවය අත්හිටවු අතර ඔහුගේ වැටුප් හා දීමනාද නැවැත්වීය.

CSN රූපවාහිනි නාලිකවේ සිදු වී ඇති මුදල් වංචා සම්බන්දයෙන් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණයක් ආරම්භ කළේය

එම නිසා සිදුකරනු ලබන පරීක්ෂණ ස්වාධීනව පවත්වාගෙන යායුතු බැවින් ඔහුගේ සේවය අත්හිටුවන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව ඔහුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර තිබුණි.

(Image – newsradio.lk)

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *