මෙම මස පළමු වැනිදා සිට ඉකුත් 15 වැනිදා දක්වා යුරෝපා රටක, ඉරානයේ හෝ දකුණු කොරියාවේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණි සියලුදෙනා ළඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි විය යුතු බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙනවා. එසේ නොමැතිව මෙම නියෝගය පැහැර හරින්නන්ට එරෙහිව නිරෝධායන නීතී යටතේ නඩු පවරන බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ. නව කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගෙන තිබෙනවා.
2020-03-17