යුද විරු සැමරුම වෙනුවෙන් නාමල්ලා ආශිර්වාද පූජාවක

තිස් වසරක් පැවති යුද්ධය නිමා කරන මොහොතේ සේනාධිනායක ලෙස කටයුතු කළ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රණවිරුවන් උදෙසා ආශිර්වාද කිරීමත්, යුද්ධයේදී දිවි පිදු රණ විරුවන්ට පිං පැමිණවීමත්, ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීමත්, රණවිරු පවුල්වල අයට උපහාර පිදීමත් අරමුණු කරගනිමින් ඓතිහාසික තිස්සමහාරාම රජ මහා විහාර භූමියේදී ආශිර්වාද පූජාවක් පැවැත්විණි.

මෙම ආශිර්වාද පූජාව සඳහා අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යය ඕමාරේ කස්සප නා හිමි, තිස්සමහාරාම සදගිරි උභය මහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධර්මසේන,දේශප්‍රේමී භික්‍ෂු සංවිධානයේ මහලේකම් බෙංගමුවේ නාලක නාහිමිවරුද සහභාගී වූහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හිටපු කථානායකවරුන් වන චමල් රාජපක්ෂ සහ මහින්ද යාපා අබේවර්ධන මහත්වරු ඇතුළු දේශපාලකයෝ රැසක් මීට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *