“යළි මව්බිම බංකොලොත් වෙන්න ඉඩ දෙන්නේ නෑ” – ජනාධිපති

නැවත ලංකාව කිසි දිනක බංකළොත් භාවයට පත්වීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

“ණය ප්‍රතිව්‍යුහගත  කිරීම පිළිබඳ පැය තුනක විවාදයක් තිබුණා.එහිදී අත්පත් කරගත් ප්‍රගතිය පිළිබඳව මෙහිදී හෙළිදරව් වුණා.

2028 වන විට අපට ණය ගෙවීමට  සිදුවන බවත් ඒ නිසා නැවත බංකොල්ලොත් වන බවත් මතයක් තිබෙනවා.මතක තබා ගන්න. 2028 දී තිබෙන්නේ අපේ ආණ්ඩුව.ඒ වගේම මේ රට යළි කිසිදු දිනක අනාගතයේදී 2022-23 වගේ තත්ත්වයක් යළි ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ.

2028 වන විට ඩොලර් බිලියන 15.1ක විදෙස් සංචිත ඇති කිරිගැනීමේ බලාපොරොත්තුවෙන් අප වැඩ කරනවා” යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *