’’යහපාලන සමයේ අසත්‍ය චෝදනා යළි ගෙන එනවා’’ – සාගර කාරියවසම්

යහපාලන ආණ්ඩුව සමයේ චෝදනා ඉදිපත්කර ඔප්පු කිරීමට නොහැකිව ඉවත දමා තිබු අසත්‍ය චෝදනා නැවත ප්‍රෝඪාකාරී ලෙස ගෙන එන එමින් එම පක්‍ෂයේ පාක්ෂිකයා සතුටු කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා  පැවසීය.

නීතිඥ සාගර කාරියවසම් මහතා එම පක්‍ෂ මූලස්ථානයේදීම ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

බොරු පවසා ආණ්ඩු බලය ගෙන රැවටීම කුමක්ද කියන එක ජනතාවට පැහැදිලි කිරීමට වැඩපිළිවෙලක් “ ගමින් ගමට ” යැයි වැඩසටහනක් ආරම්භ කළ බවත් එම වැඩසටහන ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී ජනතාව රැවටුණේ යැයි තේරුම් ජනතා විමුක්ති පෙරමුණට පාඩමක් ඉගැන්වීමට සූදානමින් සිටින බවත් ඒ මහතා කීය.

එම වැඩසහනට බියවූ ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගන්නවා සේම විවිධ වංචනික ක්‍රියාමාර්ග සහ අනීතික ක්‍රියාමාර්ග ඵවා ගනිමින් සිටින තත්වයක් නිර්මාණය වී ඇති බව කී ඒ මහතා පසුගියදා බොරු සමීක්ෂණ වාර්තාවක් ජනගත කිරීමට උත්සහ කළ බව ද සඳහන් කළේය.

ජනතාව හිනස්වන සමීක්ෂණ වාර්තාවක් ජනගත කිරීමට උත්සහ කළ ආණ්ඩුව නාමල් රාජපක්ෂ මැතිතුමා වටා ජනතාව එකතුවීම මත නාමල් රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව විශාල කුමණ්ත්‍රණයක් දියත් කරන බව සාක්ෂි සාධක සහිතව ඔප්පු වෙමින් පවතින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *