යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අරඹයි

මෙවර යල කන්නයේ ගොවීන්ගේ වී අස්වැන්න මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ.

මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකරු නිමල් තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී මෙසේ පැවැසීය.

ගොවින්ගේ යල වී අස්වැන්න මණ්ඩලයට ගැනීමට අපේ විශේෂ රැස්වීමක දී තීරණය කළා.

සභාපති ඇතුළු අපේ සියලුම කළමනාකරුවන් මේ ගැන දැනුම්වත් කිරීමක් කළා. ඒ සඳහා මුදල් වෙන් කිරීමට රජයෙන් තීරණයක් ගෙන තිබෙනවා. මේ නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලට ගැනිම් මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගත්තා.

දැනට මධ්‍යස්ථාන තුනක් නොච්චියාගම කැකිරාව හා අනුරාධපුර සේනානායක ගබඩාව ආශ්‍රිතව මිල දී ගැනීම් ආරම්භ කළා. ගොවීන්ගේ ඉල්ලීම් ලැබෙන ප්‍රදේශ අනුව ගබඩා විවෘත කෙරන බවද ඒ මහතා කීවේය.

රජයේ සහතික වී මිලට අනුව නාඩු වර්ගයේ වී කිලෝවකට රුපියල් 105 බැගින් ද සම්බා වර්ගයේ වී සඳහා කිලෝවකට රුපියල් 115 ක් හා කිරි සම්බා සඳහා රුපියල් 130 බැගින් ද ගොවීන් වෙත ගෙවනු ලබන බව ද තෙන්නකෝන් මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *