මෝදි අප්‍රේල් මුල ලංකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේදී සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතිය විවෘත කරනවා.

එක්සත් අරාබිය සහ ලංකාව අතර ආයෝජන ශක්තිමත් කිරීම සඳහා වන කොමිසම අප ස්ථාපිත කළා.මෙතෙක් කල් අරාබි රටවල් මෙරට ආයෝජනයට බියෙන් සිටියා.අප අත්සන් කරන ලද කොමිසම හරහා ඔවුන්ට විශ්වාසය තහවුරු කර තිබෙනවා යැයි විදේශ කටයුතු අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *