මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක් සහිත මෝටර් රථයක් මහරගම පමුණුව පරණ පාරේ රෙදි පිළි වෙළඳසලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී සොයාගත් බව මහරගම පොලිසිය කියයි.
එම වාහනයේ ස්ථාන කීපයකම අනතුරට ලක්වූ බව දැක්වෙන සටහන් ඇතැයි පොලිසිය කියයි.
මහරගම වෙළඳ සංගමයේ සාමාජිකයන් පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව එම වාහනය සොයාගෙන ඇත.
වාහනය අසල හිස් මත් පැන් බෝතල් කීපයක් දක්නට ලැබෙන බවද පොලිසිය කියයි.