නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්වය මත මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විෂය පථයට අදාළ වන වාහන ලියාපදිංචි කිරීමේ කටයුතු හා රියදුරු බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ.
එම තත්වය සැලකිල්ලට ගෙන වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම හා වාහන පරික්ෂා කර කාර්මික වාර්තා ලබා ගැනීම ආදී කටයුතු දැනටමත් ආරම්භ කර එහෙත් එම සේවාවන් සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ හා එම සේවාවන් පිළිබඳව තොරතුරු අවශ්‍ය වන පාර්ශ්වවල පහසුව සඳහා, එම එක් එක් ක්ෂේත්රය පිළිබඳව වගකීම දරණ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ජංගම දුරකථන අංක ප්‍රකාශයට පත් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ.අලහකෝන් මහතා පවසයි. අදාළ දුරකතන අංක සහිත මාධ්‍ය නිවේදනය පහතින් සදහන්වේ.