මෝටර් රථ අංක තහඩුවෙන් පළාත ඉවත් කෙරේ

මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී ලබා දෙන අංක හතඩුවේ ඇති පළාත් සංකේතය ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස් මහතා පවසන්නේ ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී පළාත් සංකේතය ඉවත් කිරීම ප්‍රසිද්ධ කරන බවයි.

මෙම තීරණයත් සමගම නව අංක තහඩුව සමස්ත ශ්‍රී ලංකාවටම වලංගු වන බවත්, වාහනයක හිමිකාරීත්වය වෙනත් පළාතකට මාරුවීමේදී අංක හතඩුව වෙනස් කිරීමට අවශ්‍ය නොවන බවත් ලේකම්වරයා අවධාරණය කර සිටියි. මේ වනවිට වාහනයක හිමිකරුගේ පදිංචි පළාත වෙනස්වීමේදී නව අංක තහඩුව වෙනුවෙන් ගෙවිය යුතු වන රුපියල් 2000කට වැඩි අමතර මුදලද වාහන හිමිකරු විසින් දැරිය යුතු නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *