මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි  කුලියාපිටිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කුකුලු ව්‍යාපාර ඇතුලු ව්‍යාපාර රැසක් හිමි සොහෝදරයන් දෙදෙනෙකු වූ 27 හැවිරිදි නිර්මාල් ධනංජය හා ඔහුගේ බාල සොයුරු 25 හැවිරිදි ඉෂාන් පියුමාල් නමැත්තන්ය

වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති සාදයක් නිමවී යළි කොබෙයිගනේ ප්‍රදේශයේ නිවසට වාහනයකින් යමින් සිටියදී කඹුරාපොල බුත්ගමු ඔයේ පාලමේ වංගුවෙන් වේගය පාලනය කරගත නොහැකිව ඔයට ඇදවැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැක පලකරති.

පොලිසිට එම ස්ථානයට යනවිටත් ඔයට ඇදවැටී තිබූ මෝටර් රථය එහි ගමන්ගත් දෙදෙනාද සමගින් ඔය මධ්‍යයේ ජලයේ ගිලී තිබී ඇති අතර මහත් පරිශ්‍රමයක් දරා උදෑසන 7ට පමණ ප්‍රදේශවාසීන්ගේ සහයද සහිතව ගොඩට ගැනීමට කටයුතු කළහ.

ගොඩ ගන්නාවිටත් එම රියේ ගමන්ගත් සහෝදරයන් ජීවිතක්ෂයට පත්ව තිබූ අතර මෘත දේහයන් වහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට යොමුකළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *