නිකවැරටිය පොලිස් ස්ථානයට මේ මස 4 වැනි දින වාර්තා වී ඇති, පහර දී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධව අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි.
පැමිණිලිකරු විසින් ලබා දුන් දත්ත අනුව සැකකරුවෙකුගේ රුවට සමාන ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පියා විසින් නිර්මාණය කර ඇත.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවට පවසයි.
නිකවැරටිය පොලිස් අධිකාරී කාර්යාලය – 037 22 60 277
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – 071 85 91 274
සහකාර පොලිස් අධිකාරී – 071 85 91 276