මොරගහකන්ද ජල ව්‍යාපෘතියක සේවක ගැටුමකින් එක් අයෙකු මරුට

මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ තවත් අදියරක් වන උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘති සේවකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු රෝහල්ගතකර තිබේ.

බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පිහි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ එක් සේවකයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පවසයි.

තුවාලකරුවන් අතරින් දෙදෙනෙකු පොළොන්නරුව රෝහලත් අනෙක් තුවාලකරු හබරණ රෝහලටත් ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *