මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය විකෘති කරමින් සමාජ මාධ්‍ය තුළ විවිධ තොරතුරු පළවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ හරහා පක්ෂයේ සභාපතිවරයාද වන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද අපකීර්තියට පත් කිරිමේ උත්සාහයක් පවතින බව මිත්‍රපාල මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *