මේ වසරේ සංචාරක පැමිණීම් 400,000 සීමාව ඉක්මවා ඇත.

මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් 20 දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 400,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එයින් පෙන්නුම් කරන්නේ දිවයිනේ සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වීමේ මාවතේ ස්ථිරව ගමන් කරන බවයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) තාවකාලික දත්ත පෙන්වා දෙන්නේ අප්‍රේල් 01 සිට 20 දක්වා කාලය තුළ සංචාරකයින් 69,799ක් මෙරටට පැමිණ ඇති බවයි.

ජනවාරි සිට අප්‍රේල් 20 දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 405,478 ක් වූ අතර පළමු මාස තුන තුළ සංචාරකයින් 335,679 ක් පැමිණ තිබේ.

මේ මාසයේ පැමිණි සංචාරකයන්ගෙන් බහුතරය ඉන්දියාවෙන් සහ රුසියාවෙන්.

ඒ අනුව ඉන්දියාවෙන් මෙරටට සංචාරකයින් 11,670ක් පැමිණ ඇති අතර රුසියාවෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,593කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *