මේ වසරේ මේ දක්වා වෙඩි තබා ගැනීමේ සිදුවීම් 19ක්

2025 වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩි තබා ගැනීමේ සිද්ධීන් 19 ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

ඒ අතර සංවිධානාත්මක අපරාද කල්ලි මඟින් සිදු කළ වෙඩි තබා ගැනීම්  12 ක් වන බව ඒ මහතා කීය.

එම අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 68 කු ගිනි අවි 13 ක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයිද ඒ අතර ටි 56 ගිනිඅවි 6 ක් හා පිස්තෝල ගිනිඅවි 7 ක්  වන බව හෙතෙම පැවසීය.

එම අපරාධ සඳහා යොදාගත්  යතුරුපැදි අටක්  මෝටර් රථ දෙකක්, වෑන් රථයක් සහ තිරෝධ රථ එකක් පොලිස් භාරයට ගෙන ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *