මේ වසරේදී මග මරුවාට 566ක් බිලි

මෙම වසරේ ජනවාරි 01වැනිදා සිට අප්‍රේල් 02වැනිදා දක්වා වූ කාලය තුළ මාර්ග අනතුරු හේතුවෙන් 566දෙනෙකු මිය ගොස් ඇති බවත් ඒ අනුව මෙරට පුද්ගලයන් විසින් සිදු කර ගනු ලබන බරපතළම ඛේදවාචකය මෙය වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි.

එම සංගමය පෙන්වා දෙන්නේ අදාළ කාලසීමාව තුළ මාරක රිය අනතුරු 541ක් සිදුව ඇති අතර, බරපතළ තුවාල ලැබූවන් 857දෙනෙකු වාර්තා වී ඇති බවයි.

එසේම 2023 වර්ෂයේ අදාළ කාලසීමාව තුළදී මෙරට තුළ මාරක රිය අනතුරු 512ක් සිදුව ඇති අතර, එහිදී 1,577දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් 542දෙනෙකු මියගොස් ඇති බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *