මේජර් ජනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවාරච්චි අධ්‍යක්ෂ ජනරාල් ධූරයකට

මේජර් ජනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවාරච්චි මහතා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සංකල්පය යටතේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරිණි.

තිරසාර සහ ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස අඩු ආදායම් ලාභී පවුල් වල අවම අධ්‍යාපන සුදුසුකම් සහිත සාමාජිකයින්ට විධිමත් වෘත්තිය පුහුණුවක් ලබාදීමෙන් පසු රජයේ ස්ථීර රැකියා ලබාදීම වැඩසටහනේ අරමුණයි.

මේජර් ජනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවාරච්චි මහතා වැඩ බලන යුධ හමුදාපතිවරයෙකු ලෙස 2007 වර්ෂයේ යුද හමුදාවෙන් විශ්‍රාම ගියේය. ඉන්දුනීසියානු ජන රජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස නන්ද මල්ලවආරච්චි මහතා වසර 06 කාලයක් සේවල කළේය.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ආරම්භක ලේකම්වරයා ලෙස සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද මල්ලවආරච්චි මහතා ක්‍රියා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *