මෙරට සියලු ගුවන්තොටුපළවල් යළි වසා දැමීමට පියවර

මෙරට සියළුම ජාත්‍යයන්තර ගුවන් තොටුපලවල් නොවැම්බර් මස 15 වන දින දක්වා වසා තැබීමට කටයුතු යොදා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මින් පෙර තීරණය කර තිබුණේ ගුවන් තොටුපල ඔක්තෝබර් මස පළමුවනදා දක්වා පමණක් වසා තැබීමටයි.

නව තීරණයත් සමග නැවත මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් රැගෙන එන ගුවන් යානා, තාක්ෂණික හේතු මත පැමිණෙන ගුවන් යානා, ඉන්ධන සපයා ගැනීම පිණිස පැමිණෙන ගුවන් යානා සහ කාර්ය මණ්ඩලය විවේක ගැන්වීම පිණිස පැමිණෙන ගුවන් යාන වලට බලපෑමක් සිදු නොවන අතර එම සියළුම ගුවන් යානා ශ්‍රී ලංකාව තුළට පැමිණීමේදි එහි සිටින කාර්ය මණ්ඩලය සහ අනෙකුත් මගීන් මෙරට සෞඛ්‍යය අධ්‍යයක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති කෝවිඩ් 19 වෛරසය පාලනය පිණිස නිර්දේශිත සියළුම නිර්ණායක පිළිපැදිය යුතු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *