මෙරට නිල විදෙස් සංචිත ශක්තිමත් වෙයි

2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට IMF දෙවන වාරිකය, ADB සහ ලෝක බැංකුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ඒ අනුව IMF වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකය, ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) විවිධ වැඩසටහන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සහ  ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එක්සත් ජනපද ඩොලර් මිලියන 787ක් වන මෙම මූල්‍ය පහසුකම් හරහා අයවැය ශක්තිමත් කිරීම සහ රටේ විදේශ සංචිත වැඩිදියුණු කිරීම අරමුණු කරයි.

මේ අතර මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ කැපී පෙනෙන ලෙස විදේශ විනිමය රටට ගලාඒමත් සමග එය රටේ විදේශ සංචිත ශක්තිමත් කරන බවය.

ඒ අනුව 2023 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 04 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *