විදෙස් රටවලින් මෙරටට ගෙන්වන ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධීක්ෂණය කිරීමට විද්වත් සමීක්ෂණ මණ්ඩලයක් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පත්කර තිබේ. මෙම විද්වත් මණ්ඩලයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් හා ක්ෂේත්රයට සම්බන්ධ විද්වත් පිරිසක් ඇතුළත් වේ. එමෙන්ම ටෙලිනාට්‍ය හා චිත්‍රපට වර්ගීකරණය සහ අනුමැතිය පිළිබඳ නීතිමය කෙටුම්පතක්ද අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
සමීක්ෂණ මණ්ඩලය විසින් ආනයනය කරන ටෙලි නාට්‍ය මෙරට විකාශය කිරීමට සුදුසුද නැද්ද යන්න පරීක්ෂා කිරීම සිදු කරනු ලැබේ. පසුගිය කාලයේ ආනයනය කළ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිසා සමාජය හා සංස්කෘතිය අපගමනයට හා පිරිහීමට ලක් වූ බවත්, එම නිසා ශ්‍රී ලංකාවේ සංස්කෘතික හර පද්ධතිය රැකෙන පරිදි ඒවා මුදා හැරීමට නව සමීක්ෂණ මණ්ලය කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (06) මෙම පත්කිරීම සිදු කළේය.