මෙම වසර අවසන් වන විට ආගමික සිද්ධස්ථාන සඳහා සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු අවසන් කරන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයෙන් ලැබෙන ආධාර ව්‍යාපෘතිය යටතේ ආගමික සිද්ධස්ථානවල සූර්ය බල පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
“මෙම ව්‍යාපෘතිය යටතේ සියලුම ආගම් ඉගැන්වීමේ මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන බෞද්ධ විහාරස්ථානවලට සහ ආයතනවලට සහන සැලසිය යුතුයි.
බිම සවිකර ඇති සූර්ය පැනල පද්ධතියක ඇති වාසි සලකා බලා එයින් නිපදවන විදුලිය ආගමික සිද්ධස්ථානවල විදුලි පරිභෝජනය සඳහා ජාතික විදුලිබල පද්ධතියට ලබාදිය යුතු බව අමාත්‍ය විජේසේකර මහතා පැවසීය.
ශ්‍රී පාද පුදබිම හැරුණු විට ජනතාව වන්දනාමාන කිරීමට පැමිණෙන වීදිවලට සහ අනෙකුත් ස්ථානවලට සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ඉන්දීය මූල්‍ය ප්රදානය ආගමික සිද්ධස්ථාන 2000ක් පමණ ආවරණය වන බව ඔහු පැවසීය.