මෙන්ඩිස් සමාගමේ බලපත අහෝසියි

රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු  නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු  දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව එම බලපත්‍රය අද සිට අත්හිට වෙනු ඇත. එම මුදල් සහ අධිභාරය ගෙවීම දිගටම පැහැර හරින්නේ නම් සමාගමේ ප්‍රවාහන කටයුතුද අත්හිටුවන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි

මේ අතර මත්පැන් බලපත්‍රය ලබන තිස් එක වැනිදා  අවසන් වීමට නියමිත අතර එය තව දුරටත් දීර්ඝ නොකිරීමටද සුරාවට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *