රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා තමන්ට නින්ද නොයන බව පවසමින් මෙට්ටයක් ලබාගැනීම සඳහා මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙන අතර බන්ධනාගාර අධිකාරිවරයා විසින් එය ප්රතික්ෂේප කර තිබෙනවා. එම ඉල්ලීම ප්රතික්ෂේප වීමෙන් පසුව මන්ත්රීවරයා දැඩි ඝනකමින් යුත් පොරවන දෙකක් අද බන්ධනාගාරය වෙත ගෙන්වා ගෙන තිබුණු බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඉන් එක් පොරවනයක් මන්ත්රී රන්ජන් රාමනායක මහතාට ලබාදීමට බන්ධනාගාර පාලනාධිකාරිය අවසර දී තිබුණි.
අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාව මත ජනවාරි 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා මේ වන විට රඳවා තිබෙන්නේ, වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විශේෂ පුද්ගලයින් රඳවන පි. වාට්ටුව තුළයි.