විදේශ රැකියා එජන්සියක් පවත්වාගෙනයන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් කෝටි ගණනක මුදල් වංචා කළ ටෙලි නාට්‍ය සහාය නළුවෙකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සතුව තිබී ව්‍යාජ වීසා, ව්‍යාජ ගුවන් ටිකට්පත් සහ අදාළ ව්‍යාජ ලිපි ලේඛණ ඇතුළු ජංගම දුරකතන කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු තවත් පුද්ගලයකුගෙන් මුදල් ලබාගැනීම සදහා පිටකොටුව ප්‍රදේශයට පැමිණෙන බවට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත උපාය දූතයන් යොදා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
එම සැකකරු ඉතාලියේ වීසා බලපත් සහ ගුවන් ටිකට්පත් පෙන්වමින් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් වංචාකර සුඛෝපභෝගී හෝටල්වල රැඳීසිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අණාවරණය වී තිබේ.
කැසිනෝ ක්‍රීඩාවට දිනකට කෝටි ගණන් වැයකර ඇති සැකකරු වංචාකල මුදල්වලින් විදේශ රටවල සංචාරය කර ඇති බවත්, පෙරදින ඩුබායි රාජ්‍යයේ සිට දිවයිනට පැමිණ ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිදුකරන ලද විමර්ශනවලින් පසු මෙම ජාවාරමට සම්බන්ධයෙන් තවත් සැකකරවෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු සතුව තිබී ව්‍යාජ ලියකියවිලි රැසක්ද සොයාගෙන ඇතැයි පොලීසිය පැවසීය.
ප්‍රධාන සැකකරු අභිරහස් ජීවිතයක් ගතකරමින්, තමා සිටින ස්ථානය හඳුනාගත නොහැකි වන පරිදි වට්සැප් තාක්ෂණය ඔස්සේ සූක්ෂම අන්දමින් ගනුදෙනු කර ඇති බවත් සඳහන් වේ.
රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා කිහිපයක සේවය කර ඇති සැකකරු වෙළෙඳ දැන්වීම් සහ මේ දිනවල විකාශයවන ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවලද රගපාන ප්‍රධාන චරිතයක් බවද වාර්තා වෙයි.