මූඩිස් ආයාතනය ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි

ඩොලර් බිලියන 12.55 ක සෛවරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම දැමීමට ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩිස් ආයතනය කටයුතු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කිරීමේ ශ්‍රේණිගත කිරීම ‘Ca’ සිට ‘Caa1’ දක්වා ඉහළ නැංවීමට එම ආයතනය කටයුතු කර තිබේ.

“පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ ණය මූලිකාංග වැඩිදියුණු වී ඇත… බාහිර අවදානම් සහ රජයේ ද්‍රවශීලතා අවදානම යන දෙකම ඉහළ මට්ටම් වලින් පහත වැටී ඇත.”  යැයි මූඩීස්  ආයතනය පවසයි.

මීට අමතරව තවත් ලෝකයේ ප්‍රධාන පෙළ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් ආයතනයද ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් පැහැර හැරීම් ශ්‍රේණිගත කිරීම ‘CCC+’ දක්වා ඉහළ නැංවීමට කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *