නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා කිලෝ 126 යි ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් සිය භාරයට ගත බව නාවික හමුදාව සදහන් කරයි.
උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අයත් වෙරළබඩ මුර යාත්‍රා යොදවා කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබු සැකකටයුතු පොලිතීන් පාර්සල් හතලිස් හතරක් (44) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක්කර තිබේ.
එහිදී මෙම ගංජා තොගය නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එම ගංජා තොගය ගොඩ බිමට රැගෙන එමින් සිටියදී නාවික හමුදා මෙහෙයුම හේතුවෙන් මෙසේ අතහැර පලා යන්නට ඇති බවට විශ්වාස කෙරේ.
මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 50 ක් පමණ වනු ඇතැයි නාවික හමුදාව පවසයි.