මුහුදු මාර්ගයෙන් රැගෙන ආ මත්පෙති තොගය

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී  සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ජාවාරම හසුවී ඇත.

නාවික හමුදාව සඳහන් කළේ, මත්පෙති 570,000ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමග අදාළ සැකකරුවන් දෙදෙනා සිය භාරයට ගත් බවය.

සැකකරුවන් 33ක් සහ 39ක් වයසැති නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් දෙදෙනා සහ මත්පෙති තොගය පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *