මුස්ලිම් විවාහ නීතියට මුස්ලිම් කතුන්ගෙන්ම විරෝධය

මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි නෝනා නජීමා නැමැති කාන්තාවක් පවසන්නේ කාති උසාවිය මගින් සිය දික්කසාදයේදි තමන්ට හා තම ආබාධිත දරුවාට දැඩි අසාධාරණයක් කළ බව පුවත් වාර්තා සඳහන් කරයි. සිය අබාධිත දරුවා සමග තමන් දික්කසාද කිරීමේදි පැනවූ නඩත්තු මුදල පවා නොගෙවා සිටීමට සිය සැමියාට මෙම කාති උසාවි‍යෙන් අවස්ථාව හිමි වූ බව නජීමා පවසා ඇත.

එහිදි ඇය පවසන්නේ මෙම කාති උසාවියෙන් කාන්තාවන් දැඩි ලෙස අසාධාරණයට ලක් වන අතර සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව පවා මේ තත්ත්වයන් සම්බන්ධයෙන් ක්‍රියා නොකර එම ක්‍රියා අනුමත කරමින් සිටිනා බවයි.

මෙරට මුස්ලිම් විවාහ නීතියට අනුව මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් කටයුතු කරනුයේ මෙරට ස්ථාපිත අධිකරණ පද්ධතියෙන් නොවනා අතර කාති උසාවිය නම් ස්ථානයක් මගිනි.

කෙසේ වෙතත් මෙම කාති උසාවි පද්ධතිය මගින් මුස්ලිම් කාන්තාවන් දැඩි අසාධාරණයට ලක්වන බව වාර්තා වනවා.

(උපුටා ගැනීම – විගස පුවත් ඇසුරිණි / Image – Sound Vision)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *