මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි වසර ගණනාවක් වසා දමා තිබු වී ගබඩාවක් ශුද්ධ පවිත්‍ර කර යළිත් වී ගබඩා කළ හැකි අයුරින් ප්‍රතිසන්සකරණය කිරීමට මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
මුලතිව් පුදුකුඩි ඉරිප්පු තිම්මිලි ප්‍රදේශයේ පිහිටි මෙම වී ගබඩාව පසුගිය කොරෝනා උවදුරෙන් පසු වසා දමා ප්‍රයෝජනයට නොගෙන තිබේ.
එම කාලසීමාව තුළ වී ගබඩාවට වී මිලදී ගැනීමක් ද සිදු කර නොමැති බව අනාවරණය වේ.
මුලතිව් පුදුකුඩිඉරිප්පු කයිවේලි ප්‍රදේශයේ ස්ථාපිත 593 වන බල සේනාවේ 59 වන සේනාංකයේ යුධ හමුදා සෙබළුන් විසින් මෙම වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානය යළි ප්‍රතිස්ථාපනය සදහා පියවර ගෙන තිබේ.