මුදල් විශුද්ධිකරණ නඩුවෙන් නාමල් නිදොස් කොට නිදහස්

මුදල් විශුද්ධිකරණ නඩුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකු විත්තිකාර සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මෙම නියෝගය කළේ අධිචෝදනා පත්‍රයේ විත්තිකරුවන්ට එරෙහිව ඇති වැරදි කොමිෂම තහවුරු කිරීමට පැමිණිල්ලේ සාක්ෂි අපොහොසත් වීම මත ඔවුන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස විත්ති පාර්ශ්වය කළ ඉල්ලීමකට අනුවය.

සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම හරහා රුපියල් මිලියන 30ක මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ බවට විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *