මුදල් කාරක සභාවට හර්ෂගේ නම ?

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින්  කිහිප දෙනෙක් තීරණය කර තිබෙි.

මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ නම අද(3)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත් කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ,එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ වල එකඟතාවය පළ වී ඇතැයි ද අනුරාධ ජයරත්න මහතා කීය.

ආචාර්ය හර්ෂද සිල්වා මහතා මීට පෙර දෙවතාවක් මුදල් කාරක සභාවේ සභාපති ධුරය හොබවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *