මුතුහෙට්ටිගම ශ්‍රීලනිපයෙන් ඉවත් වේ

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දැරූ සියළු තනතුරුවලින් ඉවත්විමට තීරණය කර තිබේ. ඊට හේතුව වී ඇත්තේ මෙවර මැතිවරණයට තරග වැදීම සදහා ඔහුට නාමයෝජනා නොලැබීම බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඔහු කියා සිටින්නේ “තවදුරටත් ශ්‍රී ලංකා කිය කිය ඉන්න එකෙන් තේරුමක් නෑ කියලා එකඟතාවයකට ආවා. ඒ අනුව පොදුජන පෙරමුණට එක් වෙනවා. අගමැතිතුමා අපිට සාධාරණ උත්තරයක් දෙයි කියලා අපේක්ෂා කරනවා.” යනුවෙනි.

නිශාන්ත මුතුහෙට්ටිගම මහතා බද්දේගම ආසනය නියෝජනය කරන අතර, මෙවර මහ මැතිවරණයට තරග වැදීම සදහා ශි‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් නාමයෝජනා ලබා දී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *