සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංය මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර තිබේ. ඒ කොරෝනා වෛරස් තත්ත්වය පදනම්ව මෙරට වෙළඳපොලෙහි අලෙවි කිරීමට තිබූ මුඛ ආවරණ අධික මිල ගණන් වලට විකිණිම සම්බන්ධ පැමිණිලි සැලකිල්ලට ගෙනය.
ඒ අනුව නියම කරන ලද මුඛ ආවරණ වල මිල ගණන් මෙසේයි
ඉවත දැමිය හැකි මුඛ ආවරණ – නොවියන ලද (ලූපය සහිත/ගැට ගසන) රු. 15/=
ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණ – නොවියන ලද (ලූපය සහිත/ගැටගසන) රු. 15/=
මුහුණ ආවරණ (එන් 95 වර්ගය – අංශු ශ්වසන පෙරණය) රු.150/= වශයෙන් මිල නියම කර ඇත.
ඉහත නියම කරන ලද මිල ගණන් වලට වඩා වැඩි මිලකට මුඛ ආවරණ අලෙවි කරනු ලබන වෙළෙදුන්ට හා තොග සඟවා තබා ගන්නා වූ වෙළෙදුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කර සිටී.