මීළඟ සියලු මැතිවරණ සඳහා හවුලකින් තොරව අලියා ලකුණින් තරග කරනවා

අපි පසුගිය සතියේ සාකච්ඡා කළා මීළඟ සියලු මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ පැමිණෙන සියලු මැතිවරණ සඳහාත් හවුලකින් තොරව අලියා ලකුණ යටතේ තරග කළ යුතු බවට. නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු පක්ෂයේ අනෙකුත් අය මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා” යැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී ඊයේ පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරත්වයත්, එක්සත් ජාතික පක්ෂයේ ගමන් මගත් සහ වර්තමාන ආණ්ඩුවේ යම් යම් අවස්ථාවල ඔවුන් විසින් ප්‍රකාශ කරන ලද කරුණු සමත් කර ගැනීමට අපොහොසත් වන අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදීව එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා ක්‍රියාකිරීමට පෙළගැසෙමින් සිටිනවා.

අපි මේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වුණේ දේශපාලන පක්ෂ ගණනාවකින් සමන්විත විවිධ කණ්ඩායම් නියෝජනයක් සමගයි. මේ තරග වැදීම තුළ අපි කාරණා දෙකක් මතක තබාගත යුතුයි. එකක් තමයි රටේ ජනතාව විශාල වශයෙන් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට තිබෙනවා. අතිවිශාල පිරිසක් පරාජය වූ දේශපාලන පක්ෂවලට සම්බන්ධ සාමාජිකයන්.

ඔවුන් බලාපොරොත්තුවෙන යම් යම් කාරණා තිබෙන්න පුළුවන්. වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ඓතිහාසික ජයග්‍රහණයක් ලබා තිබෙනවා. ඒ ගැන අපේ ප්‍රශංසාව අපි පුදකර සිටිනවා. ඒ වගේම මෙය ශ්‍රී ලංකාවට විශේෂ අවස්ථාවක්. ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදිනක අපිට ඉටුකර ගැනීමට නොහැකිවූ කාරණයක් වර්තමාන ජනාධිපතිතුමත්, මේ බලයට පත්වන ආණ්ඩුවත් ජයග්‍රහණයක් ලබා තිබෙනවා. ඒ ගැන අපි ශ්‍රී ලාංකිකයන් හැටියට සතුටු විය යුතුයි.

අපේ මතය හැටියට අපිත් දිගින් දිගටම ප්‍රකාශ කරන්නෙත්, ප්‍රකාශ කළෙත් ඒ මැතිවරණ ජයග්‍රහණය කළත් ඒ අභියෝග ජයගන්න අසමත් වන බවයි. ඒ අපි දරන ආර්ථික න්‍යාය පත්‍රයක් අපි දරන ආසියාතික දේශපාලන විග්‍රහයත් තුළ අපි එසේ අපේ මතයක් දැරීම ප්‍රජාතන්ත්‍රවාදයක් හැටි අපි ප්‍රකාශ කරන්න කැමතියි.

වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ජනතාවගේ බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් ඉටුකළ යුතුව තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් හැටියට දකුණේ දේශපාලන පක්ෂයක් උතුරේ විශ්වාසය දිනාගැනීම ගැන අපේ සතුට අපි පුදකර සිටින්න කැමතියි.

ඒ වගේම පසුගිය විපක්ෂය ගැනත් මේ අවස්ථාවේදී මම වදනක් කියන්න කැමතියි. මැතිවරණයට කලිනුත් අපි ප්‍රකාශ කළේ ඔවුන් ඔවුන්ගේ කාර්යභාරය නිසි ආකාරයෙන් නොකළ බවයි. අපිට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය කර තිබෙනවා. නව දේශපාලන ගමනක් අවශ්‍ය කර තිබෙනවා. මේ රටේ දුගී දුප්පත් ජනතාව පිළිබඳ නිසි දැනුමකින් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය සකස්කර ගත යුතුව තිබෙනවා. ඉතාම දිළිඳු ජනතාව, එහෙම නැතිනම් දැනුමෙන් අඩු ජනතාවක් ඔවුන්ගේ සිතුවිලි කෙසේද ඒකරාශි කරගන්නේ මේ රටේ දියුණුව සඳහා කියලා කල්පනා කර යුතුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *