තමන් වහන්සේ සම්බන්ධ කරගනිමින් සමාජ මාධ්‍යයේ පළ වන වීඩියෝව ගැන විමර්ශනයක් පවත්වන්නැයි මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඉල්ලීමක් කර තිබේ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, සිද්ධිය පිළිබඳ පැමිණිලි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (29) පැමිණි අවස්ථාවේ දී ය.
”මීට 06 මාසෙකට කලින් මට වැට්සැප් ඔස්සේ වීඩියෝ එකක් එවලා කියනවා මේක බලපන් කියලා. මට කිව්වා වීඩියෝ ගණනාවක්ම තිබෙනවා මට රුපියල් කෝටියන් දියන් නැතිනම් උඹව ඝාතනය කරනවා කියලා කිව්වා ජූලි මාසේ පළමු වෙනිදා. මම කිව්වා මගේ වීඩියෝ ඇත්තෙත් නෑ මම රුපියල් කෝටියක් දෙන්නෙත් නෑ කියලා. මාව මරන්න ගැටලුවක් නෑ මම සූදානම් කියලා. ඊට පස්සේ එවපු කෙනාම ඒ වීඩියෝ ටික ඩිලීට් කළා. අජිත් එදිිසිංහ කියනවා ඔහුට වට්සැප් ඔස්සේ ආවාලු ඒ වීඩියෝ ටික”