මිලේනියම් සිටි නඩුවෙන් උඩුගම්පොල නිදොස් කොට නිදහස් කෙරේ

2002 වසරේ අතුරුගිරිය ” මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කර ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළ බවට එල්ල කර තිබූ චෝදනා  වලින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා වලින්  නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

වසර විස්සකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ  මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *