මිරිස්ස ප්‍රදේශයේ තල්මසුන් ඇල්ලීමට මගීන් රැගෙන යන බෝට්ටු හිමියන්ට වනජීවී දෙපාර්තමේන්තුව පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මිරිස්ස වෙරළට ඔබ්බෙන් වන තල්මසුන් නැරඹීමේ යාත්‍රා සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් පසුගියදා සීමා පනවා තිබූ බව වාර්තා විය.
අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී මිරිස්ස තල්මසුන් නැරඹුම් යාත්‍රා හිමිකරුවන් තම කනස්සල්ල පළ කළ අතර වනජීවී නිලධාරීන් තල්මසුන් නැරඹීමට අවසර ලබා දෙන්නේ පස්වරු 2 න් පසුව පමණක් බවයි.
එම සීමාවන් ඉවත් කරන ලෙසත්, තල්මසුන් නරඹන සංචාරකයින්ට බාධාවක් නොවන පරිදි සහ තල්මසුන්ට හානියක් නොවන පරිදි කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේය.