තායිලන්තයේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් 70කට අධික සංඛ්‍යාවක් විදෙස්ගත කර මිනිස් ජාවාරමක් සිදු කළ චීන ජාතිකයකු තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 02 සිට 05 දක්වා මුදල් ලබාගෙන ඔහු පුද්ගලයන් විදෙස්ගත කර ඇත්තේ, සංචාරක වීසා මතයි.
එලෙස තායිලන්තයට ගිය කණ්ඩායම අනතුරු ව නීති විරෝධී අයුරින් බෝට්ටු මාර්ගයෙන් එරට සිට මියන්මාරයට හා ලාඕසයට යවා එහි දී ගොඩනැගිල්ලක සිර කර ඇති බව සඳහන්ය.
ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් මඟින් ධනවත් පුද්ගලයන් සමඟ සම්බන්ධ වී ඔවුන් ගේ බැංකු ගිණුම්වල විස්තර ලබාගන්නා ලෙස එහි දී ඔවුන්ට පවරා ඇති අතර, දිනකට එවැනි පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ධ කරදීම අනිවාර්ය කර තිබේ.
අනතුරු ව ලක් රජය මැදිහත් වී එම පිරිස මෙරටට ගෙන්වාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාට බාර කෙරිණි.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු වූ චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ව එළැඹෙන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.