මැයි මාසයට අදාල රු. 5,000 දීමනාව 11 වැනිදා සිට

මැයි මාසයට අදාළව ලබාදීමට නියමිත රුපියල් 5,000 දීමනාව ගෙවීම ලබන 11 වැනි දා ආරම්භ කෙරෙන බවත් මැයි 15 වැනි දින ගෙවා අවසන් කිරීමට නියමිත බවත් ජනාධිපති කාර්යාලය පවසයි.

දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්ගේ උපදෙස් මත අදාළ ග්‍රාම නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නිවාස වෙතම ගොස් දීමනාව ලබා දෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් නිවේදනය කරයි.

වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව, වකුගඩු රෝගීන් සඳහා දීමනාව, ගොවි විශ්‍රාම වැටුප සහ ධීවර විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලැබූ පුද්ගලයින්ට මේ යටතේ රුපියල් 5,000 දීමනාව ලබාදෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *