වැඩි මිළට එළවළු අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ මැනිං වෙළඳපලේ අද (26) උදෑසන නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ බොහෝ එළවළු වර්ග වල කිලෝවක මිල රුපියල් 250 ක් හෝ ඊට වඩා වැඩි මිලකට අලෙවි කිරීම සම්බන්ධයෙන්.
ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පැමිණ මැනිං වෙළඳපල පොදු වෙළඳ සමිතියේ නියෝජිතයින් සමග මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මැනිං වෙළඳපලේ එළවළු වෙළඳාම සඳහා උපරිම තොග මිලක් නියම කළ අතර අදාළ මිල ගණන් ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් ප‍්‍රචාරය කිරීමට කටයුතු කරනු ලැබීය.