මැති ඇමතිවරුන්ගේ විදේශ ගමන් රජය සීමා කරයි.

පාර්ලිමේන්තු සැසිවාර දිනවලදී සහ අයවැය විවාදයේදී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ රජයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ විදේශ ගමන් සීමා කිරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඊට අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

පාර්ලිමේන්තු රැස්වීම් සහ අයවැය විවාදය අතරතුර රජයේ මැති ඇමතිවරුන්ට විදේශගත වීමට අවසර ලබා දෙන්නේ හදිසි වෛද්‍ය අවශ්‍යතා හෝ රජයේ ඉතා හදිසි කාර්යයක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවෙන් කියැවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *