මැතිසබේ හෙදියන්ටත් නිල ඇඳුම

නියමිත නිල ඇඳුමින් සැරසී රාජකාරි කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙද නිලධාරීන් සහ නිලධාරිනියන්ට නියෝග කර ඇත.

හෙද නිලධාරිනියන් මේ දක්වා රාජකාරි කර ඇතැයි පැවසෙන්නේ සාරි වලින් සැරසීගෙනය.

හෙද නිලධාරීන්ද සාමාන්‍ය ඇඳුමෙන් රාජකාරිය කර ඇති බව පැවසේ.

කතානායකවරයා පසුගියදා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ කටයුතු හදිසියේම නිරීක්ෂණය කළේය. ඔහු මෙසේ උපදෙස්දී ඇත්තේ ඒ අවස්ථාවේදීය.

මේ අතර පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය කුඩා කාමරයක පවත්වාගෙන යන හෙයින් එය පුළුල් කරන ලෙස කතානායකවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව එම කාර්යාලය පුළුල් කිරීමෙන් කටයුතු ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රාජකාරී සඳහා යොදවනු ලැබ සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන් පිරිසකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *