මැතිසබේ හිලව් දීමනාව නවතී

පාර්ලිමේන්තු සේවකයන්ගේ  නිවාඩු හිලව් දීමනාව නොගෙවීමට රජය තීරණය කර ඇත.

රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන  මෙම තීරණය ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම  දීමනාව ගෙවීමේදී පාර්ලිමේන්තුවට පමණක්  විශේෂත්වයක් දැක්වුවහොත් එය නරක පූරාදර්ශයක් වනු ඇතැයි ආර්ථික උපදේශකයන්  රජයට පෙන්වාදී ඇත.

පාර්ලිමේන්තුවේ 1200ක් පමණ මෙම දීමනාව ලබා ගැනීමට හිමිකම් ලබා සිටියහ.

පාර්ලිමේන්තුවේ සේවකයන් පිරිසක් රජයේ ප්‍රධානීන් හමුවී පසුගියදා මෙම දීමනාව ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් ඊයේ කළ විමසුමකදී ඔහු පැවසුවේ එම දීමනාව නොගෙවීමට රජය තීරණය කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *