මැතිසබේ ලොක්කන්ගේ තෙල් කපන්නේ මෙහෙමයි

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින්  විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.

මේ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මින් ඉදිරියට   මාසයකට හිමි වන්නේ තෙල් ලීටර් 220කි.එය  අමාත්‍යාංශ ලේකම්වරයකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය වේ.

මේ දක්වා මහලේකම්වරියට  සීමාවකින් තොරව ඉන්ධන සැපයීම කෙරිණ.

මෙයට අමතරව නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන ඉන්ධන ප්‍රමාණයද   මාසයකට  ඉන්ධන ලීටර් 165ක් දක්වා අඩු කර ඇත. සහකාර මහලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය  මාසයකට ඉන්ධන ලීටර් 135ක් වශයෙන්ද  මහලේකම්වරියගේ සම්බන්ධීකරණ ලේකම්වරියට  හිමි වන ඉන්ධන ප්‍රමාණය  මාසයකට ඉන්ධන ලීටර් 115ක් වශයෙන්ද  අඩුකර ඇති බව එම චක්‍රලේඛයේ දැක්වේ.

පසුගිය 7 දාතමින් යුතුව නිකුත් කර ඇති  මෙම චක්‍රලේඛය අනුව එම ඉන්ධන සීමා පසුගිය 2 වැනිදා සිට ක්‍රියාත්මක වන්නේය.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු ප්‍රධානීන් අසීමිතව ඉන්ධන පාවිච්චි කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඔවුන්ට මාසිකව සැපයෙන ඉන්ධන ප්‍රමාණ අඩු කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක  සභා රැස්වීමේදී පසුගියදා තීරණය කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *