“මැතිසබේ කවටයොත් ඉන්න ඕනෑ” – අගමැතිනී

හැම පාර්ලිමේන්තුවකම විහිළු සපයන පිරිසක් සිටිය යුතු බව අගමැතිනී  ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී  පැවසුවාය

එවැනි විහිළු සපයන පිරිසක් මේ විපක්ෂයේ සිටීම ගැන ඇත්තටම සතුටු වන බවද ඇය කීවාය.

අගමැතිනිය මෙසේ පැවසුවේ ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ  වියදම් සඳහා ඉදිරිපත් කෙරුණු පරිපූරක යෝජනාව පිළිබඳ විවාදයේදීය

අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය  මෙසේද සඳහන් කළාය.

අපි ගන්න සමහර තීරණ ගැන එක එක දේවල් කියන්න පුළුවන්. ඒවා ගොසිප්. ගොසිප්  වලට විහිළුවලට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය නැහැ. ඒ විහිළු අපි එන්ජෝයි කරමු.. මොකද  හැම වෙලාවේදිම මෙතැන  බැරෑරුම් විදියට ඉන්නත්   බැහැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *