පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව ඉතා අඩු වියදමින් මෙන්ම සරල සහ චාම් අයුරින් පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
මේ අනුව එම උත්සවයට ආචාර පෙළපාළි, ආචාර වෙඩි මුර, පෙර ගමන් රථ, ආරක්ෂක නිලධාරීන් එක පෙළට සීරුවෙන් සිටීම යනාදී විශේෂාංග කිසිවක් ඇතුළත් නොවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 7 වැනිදා පෙරවරු 10.30 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ.